බිග් බෑෂ් ශූරතාවය තෙවැනි වරටත් සික්සර්ස් කණ්ඩායමට

Date:

මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සිඩ්නි සික්සර්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

ඒ, අවසන් තරගයේ දී පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජයට පත් කරමින්.

සිඩ්නි හි පැවැති තරගයේ bat flip හෙවත් කාසියේ වාසිය දිනා ගත් පර්ත් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව සිඩ්නි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 188ක් ලබා ගනිමින්.

ජේම්ස් වින්ස් පන්දු 60කින් ලකුණු 95ක් රැස් කලේ හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් සමගින්.

පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි සහ ජයි රිචර්ඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පර්ත් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.

ලියම් ලිවින්ග්ස්ටෝන් ලකුණු 45ක් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Ben Dwarshuis කඩුලු 3ක් බිද හෙලුවා.

මෙය සිඩ්නි සික්සර්ස් කණ්ඩායම බිග් බෑෂ් ශූරතාවය ජය ගත් තෙවැනි අවස්ථාව ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

පසුගිය වසරේ දී ද බිග් බෑෂ් ලීග් ශූරතාවය ජය ගත්තේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...