ඇලන් බෝඩර් සම්මානය තෙවැනි වරටත් ස්මිත්ට

Date:

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් සම්මානයෙන් පිදුම් ලැබීමට සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් අද(6) සමත් වුණා.

මෙය ස්මිත් විසින් ඇලන් බෝඩර් සම්මානය දිනා ගත් තෙවැනි අවස්ථාවයි.

මීට පෙර රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් අදාළ සම්මානය අවස්ථා 4 කදී දිනා ගනු ලැබුවා.

වසරේ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ස්ටීවන් ස්මිත්.

වසරේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය පැට් කමින්ස් විසින් දිනා ගත්තා.

වසරේ 20යි 20 ක්‍රීඩකයා ඇෂ්ටන් ඒගාර්.

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් සම්මානයෙන් පිදුම් ලැබුවේ බෙත් මූනි (Beth Mooney).

එම සම්මානය ඇය විසින් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

වසරේ ඔස්ට්‍රේලියානු 20යි 20 ක්‍රීඩිකාවට හිමි සම්මානය ද මෙවර බෙත් මූනි දිනා ගත් අතර, වසරේ එක්දින ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ Rachael Haynes.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...