රූට්ගේ ද්විත්ව ශතකය හමුවේ ඉන්දියාව පසු බසියි – Day 2 Report

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර චෙන්නායිහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 555ක් ලබා සිටියා.

සිය සුපුරුදු පිතිප්‍රහාරය දියත් කළ නායක ජෝ රූට් තම 5 වන ටෙස්ට් ද්විත්ව ශතකය අද වාර්තා කළා.

මෙය ඔහුගේ 100 වැනි ටෙස්ට් තරගය වන අතර, 100 වැනි ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා ලෙසයි ඔහු ඉතිහාසයට එක් වුණේ.

රූට් සිය ද්විත්ව ශතකය වාර්තා කළේ හයේ පහරක් එල්ල කරමින් වන අතර, එලෙස හයේ පහරකින් සිය ද්විත්ව ශතකය වාර්තා කළ පළමු එංගලන්ත පිතිකරුවා වන්නේ ද ඔහුයි.

ජෝ රූට් හයේ පහර 2ක් සහ හතරේ පහර 19ක් සමගින් ලකුණු 218ක් රැස් කළා.

බෙන් ස්ටොක්ස් ලකුණු 82ක් සහ ඩොම් සිබ්ලි ලකුණු 87ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, ඉෂාන්ට් ෂර්මා, රවිචන්ද්‍රන් අශ්වින් සහ ශහ්බාස් නදීම් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...