කොදෙව්වන් ලකුණු 355ක් පිටුපසින් – Day 2 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (4) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 75ක් රැස් කර ගෙන සිටියා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 49යි.

පන්දු යැවීමේ දී බිද වැටුණු කඩුලු දෙකේම හිමිකරුවා බවට පත් වුණේ මුස්ටෆිසුර් රෙහ්මාන්.

Chattogram හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 430ක් ලබා ගත්තා.

මෙහිදි හසාන් මිරාස් සිය පළමු ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 103ක් රැස් කළ අතර, ශකිබ් අල් හසාන් ලකුණු 68යි.

පන්දු යැවීමේ දී Jomel Warrican කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 355ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...