බබාර්ගේ අර්ධ ශතකය පාකිස්තානය ස්ථාවර කරයි – Day 1 Report

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(4) රාවල්පින්ඩිහී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 145ක්.

පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 58ක් පමණයි.

පාකිස්තාන ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 22ක්ව තිබියදී බිද වැටුණා.

අනතුරුව නායක බබාර් අසාම් සහ ෆාවඩ් අලාම් අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 123ක්.

සිය 16 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ බබාර් නොදැවී ලකුණු 77යි.

ෆාවඩ් අලාම් ලකුණු 42ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කේෂාව් මහරාජ් කඩුලු 2ක් බිද හෙලූ අතර, අන්රිච් නොකියා (Anrich Nortje) එක් කඩුල්ලක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...