“ශ්‍රී ලංකාව එක්දින තරග 3කට බංග්ලාදේශයට එනවා” – අක්‍රම් ඛාන්

Date:

එක්දින ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මැයි මාසයේ දී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

එය ලෝක කුසලාන සුපර් ලීගය යටතට ද අයත් තරගාවලියක්.

“ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් එක්දින තරග 3කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව මැයි මාසයේ දී බංග්ලාදේශයට පැමිණෙනවා” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී අක්‍රම් ඛාන් Chattogram හී දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කළා.

මීට පෙර කල් දැමුණු බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සම්බන්ධයෙන් ද මෙහිදී ඔහු අදහස් පල කළා.

“අපි බලාපොරොත්තුවෙනවා ශ්‍රී ලංකාවේ සංචාරය කරන්න කළින් හෝ පසුවෙලා.(කල් දැමුණු තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය වෙනුවෙන්) නමුත් දින සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...