ක්‍රිකට් ක්‍රීඩකයින්ට සුගතදාස ක්‍රීඩාංගනයේ වට 5ක් දිව යාමේ අභියෝගයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සදහා ලබන 5 වනදා ශාරීරික යෝගත්‍යා පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් සමත් වන ක්‍රීඩකයින් එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය වෙනුවෙන් වන සංචිත තෝරා ගැනීම සදහා සළකා බලන බවයි වාර්තා වන්නේ.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී මෙම යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වෙන බව සදහන්.

ඊට කොදෙව්වන්ට එරෙහි මූලික සංචිතයට නම් කෙරුණු ක්‍රීඩකයින් 35 දෙනා එක් වනු ඇති.

එහිදී සියලු ක්‍රීඩකයින්ට අදාළ ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමටනම් කිලෝ මීටර් දෙකක දුරක් මිනිත්තු 8යි තත්ත්පර 35ක් තුළ දිව යා යුතුයි.

එනම් සුගතදාස ක්‍රීඩාංගනයේ ධාවන පථයේ වට 5ක් අදාළ කාලය තුළ දිව යාමට ඔවුන්ට සිදු වනවා.

කෙසේ වෙතත්, ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර ඇත්තේ මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ක්‍රීඩකයින් රැසක් අසමත් වීමේ වැඩි අවධානමක් පවතින බවයි.

මීට පෙර ද එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකු ශාරීරික යෝග්‍යතා පරීක්ෂනයෙන් අසමත් වී තිබුණා.

අවිශ්ක ප්‍රනාන්දු යෝග්‍යතා පරීක්ෂණයෙන් දෙවරක් අසමත් වූ බවයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...