දෙවන ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ටත් විවෘත වන ලකුණු

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ප්‍රේක්ෂක සහභාගීත්වය සහිතව පැවැත්වීමට අවධානය යොමුව තිබෙනවා.

ඒ සදහා ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තමිල්නාඩු ක්‍රිකට් සංගමයට අවසර ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරගය නැරඹීම සදහා චෙන්නායි ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 50%ක ප්‍රේක්ෂක පිරිසකට පමණක් අවසර ලබා දීමට තීරණය කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඊට තමිල්නාඩු ප්‍රාන්ත රජයේ අවසරය මෙතෙක් හිමිව නැහැ.

ප්‍රාන්ත රජයේ අවසර හිමි වුවහොත් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ දී තොරතුරු ප්‍රකාශයට පත් කරනු ඇති.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන 13 වනදායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...