මිචෙල් මාෂ්ට ඩොලර් 5000ක දඩ

Date:

පර්ත් ස්කෝච්ස් ක්‍රීඩක මිචෙල් මාෂ් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විනය නීති සංග්‍රහය යටතේ වන දෙවන මට්ටමේ වරදකට හසු වීම හේතුවෙන් ඔහුට ඩොලර් 5,000ක දඩ මුදලක් පනවා තිබෙනවා.

ඒ, මෙවර බිග් බෑෂ් ලීග් තරගාවලිය යටතේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ(30) පැවැති තරගයේ දී විනිසුරු තීරණයකට විරෝධය පල කිරීම හේතුවෙන්.

පා ඉන්නෙන් පිටතට ඇදී ගිය පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස ලබා දුන් වැරැදි විනිසුරු තීරණය හේතුවෙන් මිචෙල් මාෂ් මෙලෙස විනිසුරු වෙත සිය නොසතුට පල කර සිටියා.

කඩුලු රකින්නා විසින් අදාළ පන්දුව රැක ගැනීමෙන් අනතුරුව පන්දු රකින්නන් විසින් ඔහු දැවී ගිය පිතිකරුවෙකු දැයි විනිසුරුගෙන් විමසා සිටි අතර, එහිදී විනිසුරු විසින් මිචෙල් මාෂ් උඩ පන්දුවක් ලබා දී දැවී ගිය අයෙකු ලෙසටයි නම් කළේ.

කෙසේ වෙතත්, එය දැවී යාමක් නොවන බව පුනරූපනවලින් ද දක්නට ලැබුණා.

නිවේදනයක් නිකුත් කරමින් මිචෙල් මාෂ් තමාට එරෙහි දඩ මුදල පිළිගනිමින් සදහන් කළේ අදාළ සිදුවීමේ දී තමන් හැසිරුණු අයුරු පිළිගත නොහැකි බවයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...