විචාරක ප්‍රශංසා මැද ධනංජය ලක්ෂාන් මංගල T 10 කඩුල්ල දවා ගත්තේ මෙහෙමයි

Date:

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී නොදර්න් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වන ධනංජය ලක්ෂාන් සිය මංගල T 10 කඩුල්ල දවා ගැනීමට ඊයේ(30) සමත් වුණා.

ඒ, දිල්ලි බුල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි.

එම තරගයේ දී ඔහු ක්‍රියාත්මක කළ පන්දුවාර 2 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 23 ක් ලබා ගත්ත ද, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි රවී බොපාරාගේ කඩුල්ල දවාගැනීමට ධනංජය සමත් වුණා.

ධනංජය ලක්ෂාන් මෙම තරගයේ දී පන්දුවේ වේගය වෙනස් කරමින් පන්දු යොමු කරන ආකාරය පිළිබඳ විස්තර විචාරකවරු ද දැරුවේ ප්‍රශංසනීය අදහසක්.

තරගාවලියේ 9 වන තරගය වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් දිල්ලී බුල්ස් කණ්ඩායමේ නායක ඩ්වේන් බ්‍රාවෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට නොදර්න් වොරියර්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් නියමිත පන්දුවාර 10 අවසන් කළේ කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 137 ක් ලබා ගනිමින්.

වේගවත් ඉනිමක් දියත් කළ නායක නිකලස් පූරාන් පන්දු 21 කදී ලකුණු 54 ක් වාර්තා කළා.

ඊට හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 5 ක් ඇතුලත්.

ෆේබියන් ඇලන් පන්දු 10 කදී නොදැවී ලකුණු 28ක් සහ රොව්මන් පවෙල් නොදැවී ලකුණු 24(8) ක් රැස්කළා.

පන්දු යැවීමේ දී වකාස් මක්සූඩ්, අලී කාන් හා ඩ්වේන් බ්‍රාවෝ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 138 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි බුල්ස් කණ්ඩායමට නොදර්න් වොරියර්ස් කණ්ඩායමේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ කඩුලු 7 ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

ඒ අනුව වොරියර්ස් පිලට මෙම තරගයෙන් ලකුණු 32ක ජයක් හිමි වුණා.

දිල්ලි බුල්ස් කණ්ඩායම වෙනුවෙන් යම්තාක් හෝ සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ රවී බොපාරා හයේ පහරවල් 4 ක් සමගින් පන්දු 15 කදී ලකුණු 36 ක් රැස් කළා. (ධනංජය විසින් ඔහුගේ කඩුල්ල දවා ගත් අයුරු පහතින්)

මොහොමඩ් නබී නොදැවී ලකුණු 15(9) යි.

අනර්ඝ පන්දු යැවීමක නිරත වූ වේන් පානෙල් ඉනිමේ 9 වන පන්දුවාරයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

රයාඩ් එම්රිට් කඩුලු 2 ක් බිඳ හෙලූ අතර, ධනංජය ලක්ෂාන් හා වහබ් රියාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...