දකුණු අප්‍රිකාව ලකුණු 29ක් ඉදිරියෙන් – Day 3 Report

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(28) නිමා වුණා.

දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 187ක්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 74ක් සහ රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් යසීර් ශාහ් කඩුලු 3ක් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378ක්.

ෆවඩ් අලාම් ලකුණු 109ක්, අසාර් අලී ලකුණු 51ක් සහ ෆහීම් අශ්රෆ් 64ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

කාගිසෝ රබාඩා සහ කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

කරච්චිහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 220ක් රැස් කළා.

ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට සිය දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...