විනිසුරු ඔක්සෙන්ෆර්ඩ් ජගත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගනියි

Date:

විනිසුරු බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් (Bruce Oxenford) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන 60 හැවිරිදි ඔහු වසර 15ක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් 2012 වසරේ සිට අයි.සී.සී ප්‍රධාන විනිසුරුවරුන් ඇතුළත් මණ්ඩලයේ (ICC Elite Panel of Umpires) සාමාජිකයෙකු ලෙස මේ දක්වා අඛණ්ඩව කටයුතු කළා.

ඔහු ටෙස්ට් තරග 62ක දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

බෘෘස් ඔක්සෙන්ෆර්ඩ් අවසන් වරට පැවැති එක්දින ලෝක කුසලාන තුනේ දී සහ 20යි 20 ලෝක කුසලාන තුනේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළා.

ජාත්‍යන්තර තරගවලින් සමුගත්ත ද, ඔහු තවදුරටත් දේශීය තරගවලදී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...