ක්‍රිකට් ගොඩගන්න මහේල – නාමල් සහ ක්‍රිකට් බළධාරීන්ගෙන් දැඩි තීන්දු 5ක්

Date:

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා සිදු කර ඇති බව සදහන්.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන මහතා ද මෙම සාකච්ඡාව සදහා සහභාගී වී ඇති අතර, එහිදී වැදගත් තීරණ 5කට එළඹුණු බවයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම එහිදී ප්‍රධාන කරුණක් බවට පත්ව තිබෙනවා.

තරගකාරී දේශීය , පළාත් තරගාවලි සංවිධාන කිරීම මෙන්ම විනය සහ ශාරීරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වයක් ලබා දීමට ද මෙහිදී එකගතාවයකට එළඹ ඇති බව සදහන්.

එමෙන්ම ක්‍රීඩකයින්ට දක්ෂතා පදනම් කර ගත් කොන්ත්‍රාත් ලබා දීම සදහා ද මෙහිදී තීරණය කර තිබෙනවා.

තවද, පුහුණුකරු මිකී ආතර්ට සහාය වීම සදහා අධ්‍යක්ෂවරයෙකු සහ උපදේශකයෙකු පත් කිරීමට ද තීරණය කළ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...