IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය ලබන 18 වනදා සිදු කිරීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

චෙන්නායි හී දී එය සිදු කෙරෙන බව ද සදහන්.

සිය සංචිතවල රදවා ගන්නා ක්‍රීඩකයින් සහ නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තු නිවේදනය කිරීමට තරගාවලි සංවිධායකයින් විසින් මීට පෙර ඒ ඒ කණ්ඩායම් වෙත අවස්ථාව ලබා දී තිබූ අතර, ඒ අනුව වැඩිම ක්‍රීඩකයින් සංඛ්‍යාවක් වන ක්‍රීඩකයින් 22 දෙනෙකු රදවා ගැනීමට තීරණය කළේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමෙන් ඩැනියල් සෑම්ස් සහ හර්ෂාල් පටෙල් මිල දී ගැනීමත් සමග රෝයල් චැලෙනජර්ස් බැංගලෝර් කණ්ඩායම සතුව මේ වන විට ක්‍රීඩකයින් 14 දෙනෙකු රැදී සිටිනවා.

වැඩිම මුදලක් වියදම් කිරීමේ හැකියාව සහිතව ක්‍රීඩක වෙන්දේසිය සදහා මෙවර ඉදිරිපත්ව ඇත්තේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමයි. ALSO READ : IPL හිමිකරුවන් කෝටි 483ක් වියදම් කර ක්‍රීඩකයින් 139ක් රදවා ගනියි

ඔවුන් සන්තකයේ ඉතිරිව ඇති මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 53.20ක්.  ALSO READ : රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂධූරය සංගක්කාරට 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...