ශතකය ආසන්නයේ දැවී ගිය දික්වැල්ල ලෝක වාර්තාවක් සම කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබා ගැනීමට තිබූ ඉතා ආසන්න අවස්ථාවක් කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අද(23) අහිමි වුණා.

ඒ, ඔහු පන්දු 143 කට සාර්ථකව මුහුණ දී ලකුණු 92 ක් ලබා ගැනීමෙන් පසුව මුහුණ දුන් 143 වන පන්දුවේ දී අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් දැවී යාමත් සමගයි.

ජේම්ස් ඇන්ඩර්සන් යොමු කළ පන්දුවකට ජැක් ලීච් අතට උඩ පන්දුවක් ලබා දෙමින් දික්වැල්ල දැවී යාමත් සමග ඔහුට සිය 16 වන ටෙස්ට් අර්ධ ශතකයෙන් සෑහීමට පත් වීමට සිදු වුණා.

කෙසේ වෙතත්, එම දැවී යාම හේතුවෙන් නිරෝෂන් දික්වැල්ල ලෝක වාර්තාවක් සම කිරීමට සමත්වීම කැපී පෙනන සිදුවීමක්.

එකදු ටෙස්ට් ශතකයක්වත් වාර්තා නොකර වැඩිම ටෙස්ට් අර්ධ ශතක ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා බවට පත් වෙමින් ඉන්දියාවේ චෙතාන් චවුහාන් තබා තිබූ ලෝක වාර්තාවයි දික්වැල්ල අද දිනයේ දී සම කළේ.

චවුහාන් ද ශතකයක් වාර්තා නොකර ටෙස්ට් අර්ධ ශතක 16 ක් වාර්තා කර තිබුණා.

ටෙස්ට් පිටියේදී ශතකයක් වාර්තා නොකර තවත් එක් අර්ධ ශතකයක් නිරෝෂන් දික්වැල්ල විසින් වාර්තා කළහොත් මෙම ලෝක වාර්තාව බිද දැමීමේ අවස්ථාව ද ඔහුට හිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...