ශතකය ලබා ගැනීමත් සමග ලෝක වාර්තාවක් මැතිව්ස්ට අහිමි වෙයි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් අද(22) සිය 11 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වූ බව ඔබ මේ වන විටත් දන්නවා.

ඒ, එංගලන්තයට එරෙහිව අද ගාල්ලේ දී ආරම්භ වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

මෙය මැතිව්ස් විසින් එම ක්‍රීඩාංගනයේ දී වාර්තා කළ පළමු ශතකය වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, එම ශතකයත් සමග ඔහුට ලෝක වාර්තාවක් අහිමි වී යාම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් වුණා.

ඒ එක් ක්‍රීඩාංගනයකදී ශතකයක් වාර්තා නොකර වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් ලබා ඔහු විසින් තබා තිබූ ලෝක වාර්තාවයි.

මේ වන විට ඇන්ජෙලෝ මැතිව්ස් ගාලු ක්‍රීඩාංගනයේ දී ඉනිම් 35කට ක්‍රීඩා කර ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1449ක්.

ඊට අද ලබා ගත් ශතකය හැරුණූ විට තවත් අර්ධ ශතක 11ක් ද ඇතුළත්.

අද වාර්තා කළ ශතකය හේතුවෙන් ඔහුගෙන් ගිළිහුණු ලෝක වාර්තාවට මේ වන විට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඇලන් බෝර්ඩර්.

ඔහු සිඩ්නි ක්‍රීඩාංගනයේ දී ඉනිම් 29ක් ක්‍රීඩා කර ටෙස්ට් ලකුණු 1177ක් ලබා ගෙන ඇතත්, කිසිදු ශතකයක් වාර්තා කර නැහැ.

අර්ධ ශතක 11ක් පමණක් එම ලකුණු සංඛ්‍යාවට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...