කොදෙව්වන්ට එරෙහි තරගාවලියේ ජය බංග්ලාදේශයට

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ද සමත්ව ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමයි.

ඩකා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 43.4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 148ක්.

රොව්මන් පවෙල් ලකුණු 41ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 33.2ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ටමිම් ඉක්බාල් ලකුණු 50ක් සහ ශකිබ් අල් හසාන් නොදැවී ලකුණු 43ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...