“ශ්‍රී ලංකාවෙන් ආ ඔහුට මුම්බායි හදවත්වල සුවිශේෂී ඉඩක් වෙන් වුණා” – සූර්යකුමාර් යාදෙව්

Date:

ලොව පුරා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ලීග් තරගාවලි අතරින් පෙරමුණේ වැජඹෙන ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කිසිදා අමතක කළ නොහැකි සේවයක් සැපයු ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන ලසිත් මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් හෙවත් T20 /  T10 වැනි ලීග් තරග පිටියෙන් සමුගැනීමට ඊයේ (20) තීරණය කළා.

අයි.පී.එල්. තරග 122 කදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ මාලිංග කඩුලු 170 ක් බිඳ හෙලමින් සමස්ත තරගාවලි ඉතිහාසයේ ඉහළම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලන ලද පන්දු යවන්නා ලෙස ද ඉතිහාසගතව අවසන්.

ඔහුගේ මෙම සමුගැනීම සම්බන්ධව ලොව පුරා බොහෝ පාර්ශව විවිධ අදහස් දක්වන බවක් දක්නට ලැබෙන අතර, මුම්බායි කණ්ඩායමේ ප්‍රබල නියෝජනයක් වන මුල්පෙල පිතිකරු සූර්යකුමාර් යාදේව් ද සිය ට්විටර් ගිණුමේ මෙවැනි සටහනක් තබා තිබෙනවා.

” මට හොඳින් මතකයි තරග සදහා සහභාගීවීමට වැන්කඩේ වෙත ළඟා වෙන සෑම දිනයකම මාර්ගය දිගේ නිල් පැහැති කොන්ඩා විලාසිතාවලින් සැරසුණු රසිකයන් රැසකගෙන් පිරී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩකයෙකු මුම්බායි හදවත්වල සුවිශේෂී ඉඩක් දිනා ගත්තා. ලසිත් මාලිංග ඔබ සරවම විශිෂ්ඨයි.. පුරාවෘත්තයක් සමුගත්තා..”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...