ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ සීමිත පන්දුවාර තරග අරමුණු කර ගනිමින් කොළඹ දී පුහුණුවීම් කටයුතුවල නිරත වූ බිනුර ප්‍රනාන්දුට සහ චාමික කරුණාරත්නට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිත ක්‍රීඩකයින් කවුරුන් ද යන්න මේ වන විට හදුනා ගනිමින් සිටින බව සදහන්.

කෙසේ වෙතත්, ක්‍රීඩකයින් පුහුණුවීම් කටයුතු සිදු කර ඇත්තේ කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් බවත්, ඒ හේතුවෙන් අදාළ ක්‍රීඩකයින් දෙදෙනා සමග වැඩි ක්‍රීඩකයින් පිරිසක් සෘජු සම්බන්ධතා පවත්වා නොමැති බවත් වාර්තා වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...