කොරෝනා නිසා කෝලිට කෝටි 9ක ආදායමක් – ලෝකෙන්ම 6 වැනි තැනට

Date:

කොරෝනා වසංගත තත්ත්වයත් සමග රටවල් වසා දැමීමට (ලොක්ඩවුන්) ගත් ක්‍රියාමාර්ගත් සමග සෑම ක්‍රීඩාවකටම බලපෑම් එල්ල වුණා.

ක්‍රිකට් ක්‍රීඩාවට ද මෙම බලපෑම එල්ල වූ අතර, ඒ අනුව තරගාවලි රැසක් අතහැර දැමීමට හෝ කල් දැමීමට කටයුතු කෙරුණා.

මෙය ක්‍රීඩකයින්ගේ සාක්කුවට ද ක්‍රිකට් ආයතනවලට මූල්‍ය තත්ත්වයට ද එතරම් හිතකර නොවූ බව නොරහසක්.

නමුත් මෙම ලොක්ඩවුන් කාලසීමාවේ දී ද කෝටි ගණනින් මුදල් ඉපයූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබදවයි මේ සටහන.

ඉන්ස්ටග්‍රෑම් යනු මේ වන විට ලොව පුරා ඉතා ජනප්‍රිය සමාජජාලා මාධ්‍යයක්.

ක්‍රීඩකයින් රැසක් ද මෙම සමාජජාලා මාධ්‍ය තුළ ක්‍රියාකාරීව සිටිනු දක්නට පුලුවන්.

ඒ තුළින් ඔවුන් ආදායම් ලබන බව ඔබ දැන සිටියාද?

විශේෂයෙන් ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ව්‍යාපාරික සමාගම් සිය වෙළද දැන්වීම් ප්‍රචාරණය කිරීම සදහා ජනප්‍රිය ක්‍රීඩකයින්ගේ සමාජජාලා ගිණුම් උපයෝගී කර ගන්නවා.

ඒ අනුව අදාළ ක්‍රීඩකයින් සිදු කළ යුතු වන්නේ තමන්ට ව්‍යාපාරික සමාගම්වලින් ගෙවීමක් ලද විගස ඔවුන්ගේ වෙළද දැන්වීම් තම ගිණුමේ සටහන් කිරීමයි.(පෝස්ට් එකක් ලෙසින්)

ලොක්ඩවුන් කාලසීමාවේ දී ද මෙම ක්‍රියාවලියේ වෙනසක් සිදු නොවූ අතර, පසුගිය මාර්තු 12 වනදා සිට මැයි 14 වනදා දක්වා වන කාලය තුළ මේ ඔස්සේ කෝටි ගණනක මුදලක් ඉපයීමට ක්‍රීඩකයින් රැසක් සමත්ව තිබෙනවා.

ඒ ඔස්සේ වැඩිම ආදායමක් ලැබූ ක්‍රීඩකයින් 10 දෙනා අතර සිටින එකම ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දීය නායක විරාට් කෝලි.

ඔහු මෙම කාලය තුළ පෝස්ට් 3ක් පමණක් පල කර උපයා ඇති මුදල පවුම් 379,294.

මෙරට මුදලින් එය රුපියල් කෝටි 9කට ආසන්න මුදලක්.

එම ආදායමත් සමග ඔහු ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වැඩිම ආදායමක් ලැබූ ක්‍රීඩකයින් 10 දෙනා අතර 6 වැනි ස්ථානයට පත්ව ඇති බව සදහන්.

පෝස්ට් එකක් පල කිරීම වෙනුවෙන් ඔහුට ලැබී ඇති මුදල දල වශයෙන් පවුම් 126,431.

මෙම ලේඛනයේ පෙරමුණේ පසුවන්නේ පවුම් මිලියන 1.8ක ආදායමකට හිමිකම් කියූ පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ.

ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලියනල් මෙසී දෙවන ස්ථානයේ රැදී සිටින්නේ පවුම් මිලියන 1.2ක ආදායමක් හිමි කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...