ක්‍රීඩකයින් 8ක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 8 දෙනෙකු ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණවලින් අසමත් වී ඇති බව වාර්තා වනවා.

එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා සංචිතය තේරීම වෙනුවෙන් මෙම ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණ පවත්වා තිබූ බව සදහන්.

ඒ අනුව ක්‍රීඩකයින් සදහා අවසන් නිවේදනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර ඇති බවත්, පෙබරවාරි 3 වනදා පැවැත්වෙන ශාරීරික යෝගත්‍යතා පරීක්ෂණයෙන් ද ඔවුන් අසමත් වුවවොත් අදාළ ක්‍රීඩකයින් කොදෙව් සංචාරයෙන් ඉවත් කරන බවට ක්‍රිකට් ආයතනය දැනුම් දී ඇති බවත් “ද අයිලන්ඩ්” පුවත්පත වාර්තා කර තිබෙනවා.

කොදෙව් තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයට පෙර සිදු කර තිබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වූ අවිශ්ක ප්‍රනාන්දු ඊයේ දිනයේ දී දෙවැනි යෝග්‍යතා පරීක්ෂණයෙන් ද අසමත් වී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...