මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් 5ක් ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරයි

Date:

එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉවත් කර තිබෙනවා.

ඒ අතරට නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ද ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගයට ද ක්‍රීඩා නොකළ අතර, එළඹෙන 22 වනදා ආරම්භ වන දෙවැනි තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ආබාධය නිසා ඔහුට අහිමි වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට ලකුණු අතරට පැමිණීමට අසමත්ව සිටින කුසල් මෙන්ඩිස් මෙන්ම නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද ජෛව ආරක්ෂිත බුබුලෙන් නිදහස් කර ඇති බව සදහන්.

කුසල් මෙන්ඩිස් අවසන් ඉනිම් 6 තුළ දී ලබා ගෙන ඇත්තේ ලකුණු 27ක් පමණයි.

ඊට අඛණ්ඩව ලකුණු නොලබා දැවී ගිය අවස්ථා 4ක් ද ඇතුළත්.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයේ දී තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකා සංචිතය තුළ ක්‍රීඩකයින් 15 දෙනෙකු පමණක් රැදී සිටිනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...