වසර 32කට පසු ඔස්ට්‍රේලියාට අමිහිරි පරාජයක් – ඉන්දියාවට ඓතිහාසික ජයක්

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.

ඒ, අද නිමා වූ අවසන් ටෙස්ට් තරගයෙන් ඉන්දියාව කඩුලු 3ක පෙරළිකාර ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගය බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැති අතර, එම ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ටෙස්ට් තරගයක් පරාජයට පත් වූයේ 1988 වසරෙන් පසුව වීම විශේෂත්වයක්.

තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට සිය දෙවන ඉනිමේ දී හිමි වූ ඉලක්කය ලකුණු 328ක්.

එය කඩුලු 7ක් දැවී පසු කර යාමට තරගයේ අවසන් දිනයේ දී ඉන්දියාව සමත් වුණේ බෝර්ඩර් – ගවස්කාර් කුසලානය යළිත් වරක් තමන් සතු කර ගනිමින්.

ෂුබ්මන් ගිල් ලකුණු 91ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 56ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළ අතර, ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගිය රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 89ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් කඩුලු 4ක් දවා ගත්තා.

මෙම තරගය සදහා ආබාධ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම සදහා ක්‍රීඩා කරන ලද්දේ ඉතා නවක පන්දු යැවීමේ බලඇණියක්.

තරගයට පෙර පන්දු යවන්නන් සියලු දෙනා ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරගවල එකතුව සටහන්ව තිබුණේ 5ක් වශයෙන්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 369ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 336ක්.

අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 294ක් ලබා ගත්තා.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...