ඉන්දියාවේ ක්‍රිකට් රහස හර්ෂා හෙළි කරයි – ශ්‍රී ලංකාවටත් පාඩමක්

Date:

ජාත්‍යන්තර තරගවලට අමතරව ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සදහා “A” තරග සංචාර වැඩි වශයෙන් අවශ්‍ය බව ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරක හර්ෂා බෝග්ලි පවසනවා.

ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ විස්තර විචාරයේ නිරත වන අතරවාරයේ දී ඔහු මේ බව සදහන් කළා.

ඉන්දීය “A” කණ්ඩායම නිමා වූ වසර කිහිපයේ දී තරග 52ක් ක්‍රීඩා කර ඇති බව ඔහු පෙන්වා දෙනවා.

එම තරග සදහා ඉන්දීය නවක ක්‍රීඩකයින් රැසක් ක්‍රීඩා කර ඇති බවයි හර්ෂා බෝග්ලි කියා සිටියේ.

ඒ තුළින් පළමුපෙළ තරග සහ ජාත්‍යන්තර තරග අතර පරතරය බිද දැමීමට හැකි වී ඇති බවත්, ලෝකයේ සෑම රටක්ම ඒ අයුරින් වැඩි වශයෙන් එකිනෙකාට එරෙහිව “A” තරග සංචාර සංවිධාන කිරීම උචිත බවත් ඔහුගේ අදහසයි.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුවද තරුණ ක්‍රීඩකයින් ඉන්දීය කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කර ඇති අයුරු ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේ දී හර්ෂා බෝග්ලි මෙම අදහස් පළ කර සිටියා.

ආබාධ හේතුවෙන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ කිසිදු නම් දැරූ පන්දු යවන්නෙකු සිව්වන ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

තරගය සදහා ක්‍රීඩා කරන ඉන්දීය පන්දු යවන්නන් මීට පෙර ක්‍රීඩා කර ඇති ටෙස්ට් තරගවල එකතුව සටහන් වන්නේ 5ක් ලෙසයි.(2+1+1+1+0)

කෙසේ වෙතත්, 1988 වසරෙන් පසුව කිසිදු ටෙස්ට් තරගයක් ඔස්ට්‍රේලියාව පරාජයට පත්ව නොමැති බ්‍රිස්බේන් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අදාළ තරගයේ දී ඉන්දියාව විසින් ඔස්ට්‍රේලියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත්ව තිබෙනවා.

ඉන්දීය නවක පන්දු යවන්නන් මෙන්ම නවක පිතිකරුවන් ද ඉන්දීය “A” කණ්ඩායම නියෝජනය කරමින් තරග රැසක් ක්‍රීඩා කර තිබීම හේතුවෙන් ඔවුන් අත්දැකීම් සහිත නවක ක්‍රීඩකයින් බවට පත්ව සිටින බව හර්ෂා බෝග්ලිගේ අදහසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ද පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමටනම් ඉන්දියාව අනුගමනය කර ඇති මෙම ක්‍රමවේදය අධ්‍යනය කිරීම සුදුසු වනු ඇති.

ශ්‍රී ලංකා “A” කණ්ඩායම ද පසුගිය කාලයේ දී වෙනත් රටවල්වල “A” කණ්ඩායම්වලට එරෙහිව තරගාවලි ක්‍රීඩා කරනු අප දැක තිබුණා.

කෙසේ වෙතත්, එවැනි තරග තව තවත් සංවිධාන කිරීම මෙන්ම, විශේෂයෙන් තරග සංචාරවල ශ්‍රී ලංකා “A” කණ්ඩායම වැඩි වශයෙන් යෙදවීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සුබදායක වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...