අයර්ලන්ත – යූ.ඒ.ඊ එක්දින තරගාවලියට සුබ ආරංචියක්

Date:

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගය සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බළධාරීන් අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ තරගය අද(18) අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතයි.

තරග 4කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය පසුගිය 8 වනදා පැවැති නමුත්, සෙසු තරග කිසිවක් මෙතෙක් පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ක්‍රීඩකයින් 7 දෙනෙකුට අවස්ථා කිහිපයක දී කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

ඒ අනුව අවස්ථා 4කදී දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග කල් දැමීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කෙරුණා.

අද පැවැත්වෙන තරගය තරගාවලියේ අවසන් තරගය ලෙස සැලකෙන අතර, සෙසු තරග දෙක අවලංගු කර ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...