ඉනිමක පරාජයන් ගැළවීමට ශ්‍රී ලංකාව ලකුණු 130ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(16) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 156ක් ලබා සිටියා.

ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 62ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 101ක්.

පසුගිය ඉනිම් 4 තුළ දී කිසිදු ලකුණක් නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් මෙම ඉනිමේ දී ලකුණු 15කට දැවී ගියා..

අද දිනය ආරම්භ කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 320ක් ලබා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 421ක්.

නායක ජෝ රූට් සිය 4 වැනි ද්විත්ව ශතකය වාර්තා කරමින් ලකුණු 228ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 18ක් සහ හයේ පහරක් ඇතුලත් වූ අතර, එය ජෝ රූට් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළ දෙවැනි ද්විත්ව ශතකය වීම ද විශේෂත්වයක්.

ඩෑන් ලෝරන්ස් ලකුණු 73ක්, ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 47ක් සහ ජොස් බට්ලර් ලකුණු 30 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලුවා.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 135ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවීමටනම් තවත් ලකුණු 130ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...