වේගවත්ම 20යි 20 ශතකයේ වාර්තාව බිද වැටෙයි

Date:

20යි 20 කාන්තා තරගයක වේගවත්ම ශතකය රැස් කිරීමට නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සෝෆි ඩිවයින් (Sophie Devine) අද(14) සමත් වුණා.

ඒ, එරට පැවැති දේශිය තරගයකදී වෙලින්ටන් කණ්ඩායම නියෝජනය කරමින්.

එහිදී 31 හැවිරිදි ඇය පන්දු 36කින් මෙම ශතකය වාර්තා කළ අතර, පන්දු 38කින් ඇය නොදැවී රැස් කළ ලකුණු 108ට හයේ පහර 9ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවන් දියන්ද්‍ර ඩෝටින් (Deandra Dottin) විසින් පන්දු 38කින් ශතකයක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා.

සෝෆි ඩිවයින් වාර්තා කළ වේගවත් ශතකයෙන් සවිමත් වූ වෙලින්ටන් කණ්ඩායම තමන්ට හිමි වූ ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 8.4කින් පසු කර යමින් ඔටාගෝ (Otago) කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ජයක් ද වාර්තා කිරීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...