පුකොව්ස්කිට අවසන් තරගය අහිමි වෙයි – හැරිස් කණ්ඩායමට

Date:

ඉන්දියාව සමග හෙට(15) බ්‍රිස්බේන් හී දී ආරම්භ වන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු විල් පුකොව්ස්කිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අද මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් වීම හේතුවෙන්.

සිඩ්නි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී  විල් පුකොව්ස්කි උරහිසක ආබාධයකට ගොදුරු වූ අතර, ඒ අනුවයි අද දිනයේ දී ඔහු යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දුන්නේ.

විල් පුකොව්ස්කි වෙනුවට අවසන් ටෙස්ට් තරගය සදහා කණ්ඩායමට කැදවා ඇත්තේ මර්කස් හැරිස්.

ඩේවිඩ් වෝනර් සමගින් ඉනිම ආරම්භ කිරීමේ වගකීම ද ඔහුට පැවරෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...