0ට දැවී ගොස් මෙන්ඩිස්ගෙන් නව වාර්තාවක්

Date:

ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පිට පිට 4 වැනි වරටත් අද(14) ලකුණු නොලබා දැවී ගියා.

ඒ, එංගලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ද ඔහු ලකුණු නොලබා දැවී යාමත් සමගයි.(දර්ශන පහතින්)

ඒ අනුව ටෙස්ට් තරගවලදී ලකුණු නොලබා අඛණ්ඩව සිව් වරක් දැවී ගිය තෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි කුසල් මෙන්ඩිස් අද ඉතිහාසයට එක් වුණේ.

මීට පෙර ගයි ද අල්විස් (1986-88) සහ නුවන් ප්‍රදීප් (2015) / (2017) මෙලෙස අඛණ්ඩව සිව්වරක් ලකුණු නොලබා දැවී ගොස් තිබුණා.

අංක 1 සිට 6 දක්වා වන පිතිකරුවන් අතරින් ටෙස්ට් තරගවලදී අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කළ සිව්වන පිතිකරුවා බවට ද කුසල් මෙන්ඩිස් අද වාර්තා අතරට එක් වුණා.

මීට පෙර අංක 1 සිට 6 දක්වා වන ටෙස්ට් පිතිකරුවන් අතරින් පහත සදහන් පිතිකරුවන් අඛණ්ඩව ලකුණු නොලබා දැවී යාම් 4ක් වාර්තා කර තිබුණා. –

Pankaj Roy (IND) 1952 vs England
Lawrie Miller (NZ) 1953-54 vs South Africa
Mark Waugh (AUS) 1992 vs Sri Lanka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...