එංගලන්ත තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

හෙට(14) ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට අවතීර්ණ වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකා තරගාවලියට එක් නොවූ ඇන්ජෙලෝ මැතිව්ස්, රොෂේන් සිල්වා, ලක්ෂාන් සදකැන්, නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ආබාධවලට ලක්ව සිටි ඕෂද ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

කෙසේ වෙතත්, ධනංජය ද සිල්වාට සහ කසුන් රාජිතට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් නම් කෙරුණු සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය  හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –

Dimuth Karunaratne (C), Kusal Janith Perera, Dinesh Chandimal, Kusal Mendis, Angelo Mathews , Oshada Fernando, Niroshan Dickwella, Minod Bhanuka, Lahiru Thirimanne, Lasith Embuldeniya, Wanindu Hasaranga, Dilruwan Perera, Suranga Lakmal, Lahiru Kumara, Vishwa Fernando, Dushmantha Chameera, Dasun Shanaka, Asitha Fernando, Roshen Silva, Lakshan Sandakan, Nuwan Pradeep, Ramesh Mendis

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...