වාර්තා අතරට එක් වූ පැතුම් සංචිතයට නම් නොකළ හේතුව පුහුණුකරු පහදයි

Date:

එළඹෙන එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේ වෙතත්, එම සංචිතය සදහා ද දේශීය තරග පිටියේ දී ඉහළ දක්ෂතා දැක් වූ පැතුම් නිස්සංකට අවස්ථාවක් ලැබී තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය පසුගිය දින කිහිපයේ දී ම යොමුව තිබුණා.

ඒ, පැතුම් නිස්සංක ඉහළ දක්ෂතා දක්වා සිටියදීත් ඔහුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තවමත් අවස්ථාව ලබා නොදීම හේතුවෙන්.

22 හැවිරිදි ඔහු මේ වන විට පළමු පෙල තරග 33කදී ලකුණු 3445ක් ලබා ගෙන ඇති අතර, ඉනිමක සාමාන්‍ය සටහන් වන්නේ 67.54ක් ලෙසයි.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු පෙල තරගවල දී ඉහළම සාමාන්‍යක් හිමි කර ගෙන ඇති පිතිකරුවන් අතරින් පැතුම්ට හිමි වන්නේ සිව්වැනි ස්ථානයයි.

ඔහුට ඉහළින් වැඩිම සාමාන්‍යක් සටහන් කර ගෙන ඇත්තේ ඩොන් බ්‍රැඩ්මන්, Vijay Merchant සහ George Headley යන ක්‍රීඩකයින් පමණයි.

ඒ අනුව මෙවැනි දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකුට තවදුරටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වී ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න බොහෝ පාර්ශව විමසන පැනයක්.

මෙම පැනයට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් ට්විටර් පණිවිඩයකින් පිළිතුරු ලබා දී තිබෙනවා.

එහිදී ඔහු සදහන් කළේ පැතුම් නිස්සංක පිළිබද අවධානයෙන් පසුවන බවයි.

කෙසේ වෙතත්, ඔහු ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ දී දේශීය තරග ක්‍රීඩා කර නොමැති බව ද මිකී ආතර් සිහිපත් කළා.

මේ වන විට පැතුම් නිස්සංක පුහුණුවීම් ආරම්භ කර ඇති බව පෙන්වා දුන් ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් සදහන් කළේ දක්ෂතා මත ඔහුව තේරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

“මම ඔහු ගැන දන්නවා. ඒ වගේම ඔහු ක්‍රීඩා කරනවා දකින්න මම හරිම කැමතියි” යනුවෙන් මිකී ආතර් කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...