ශ්‍රී ලංකාවට නව ශාරීරික යෝග්‍යතා කළමනාකරුවෙකු පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ශාරීරික යෝග්‍යතා කාර්යය සාධන කළමනාකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ග්‍රාන්ට් ලූඩන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔහුගේ සේවය අද (11) සිට බලපැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය නිවේනය කළේ.

ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ විශේෂඥයකු වන ලූඩන් ජාතික තලයේ පසුවන ක්‍රීඩකයින්ගේ ශක්තීන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සමස්ථ කණ්ඩායම් සියල්ලෙහි ශාරීරික යෝග්‍යතා කාර්යය සාධනය භාරව ද ඔහු කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්තුවකට එළැඹීමට පෙර 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ කාල සීමාවේදී ග්‍රාන්ට් ලූඩන් පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳව මෙන්ම පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද කටයුතු කළා.

2008 සහ 2013 කාල සීමාවේදී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙසින් ද ඔහු කටයුතු කර තිබුණා.

ජාත්‍යන්තර අත්දැකීම්වලට අමතරව ලූඩන් දකුණු අප්‍රිකානු පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන නෂුවා ටයිටෑන්ස් සහ බී.පී.එල්. ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ ද ශක්තීන් සහ තත්ත්වාරෝපණය කිරීම පිළිබඳ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා.

(මූලාශ්‍රය – SLC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...