බුම්රාටත් සිව්වන තරගය අහිමි වෙයි – ඉන්දියාව ආබාධ අර්බුදයක

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ ඔහු උදරයේ ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

ඔහුට අමතරව මෙල්බර්න්හී දී පුහුණුවීම් අතරතුර දී ආබාධයකට ලක් වූ මයාන්ක් අගාර්වල්ගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද තවදුරටත් ඇත්තේ අපැහැදිලි බවක්.

වම් මාපටැගිල්ලෙහි අස්ථි බිදීයාමක් හේතුවෙන් රවීන්ද්‍ර ජඩේජාට ද සිව්වන තරගය අහිමි වී ඇති අතර, කේ.එල්. රාහුල්, මොහොමඩ් ෂාමි සහ උමේෂ් යාදෙව් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක්වීම හේතුවෙන් යළි ඉන්දියාව වෙත පිටව ගොස් සිටිනවා.

තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී ආබාධවලට ලක්ව පන්දුවට පහර දුන් රවිචන්ද්‍රන් අශ්වින් සහ හනුමා විහාරිගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් ද ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...