ධනංජය ලක්ෂාන්ව විදෙස් කණ්ඩායමක් මිළදී ගනියි

Date:

ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් මෙවර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තෝරා ගෙන ඇති බව වාර්තා වනවා.

නොදන් වොරියර්ස් (Northern Warriors) කණ්ඩායම විසිනුයි ඔහුව තෝරා ගෙන ඇත්තේ.

T 10 ලීග් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීම (draft) හෙවත් ක්‍රීඩක කෙටුම්පත් කිරීම පසුගිය 23 වනදා සිදු කෙරුණා.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව ද ඇතුළුව මීට පෙර අදාළ තරගාවලිය සදහා තෝරා ගෙන තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 12ක්.

කෙසේ වෙතත්, විදෙස් ලීග් තරගාවලි සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහභාගී වීමට අවසර ලබා නොදෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන ඇති බවටයි පසුගිය දිනවලදී තොරතුරු වාර්තා වුණේ.

ඒ අනුව අදාළ තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයට කුමක් සිදුවේද යන්න මෙතෙක් පැහැදිලි වී නැහැ.

සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙණ 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා මීට පෙර තෝරා ගැණුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් –

වනිදු හසරංග – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, අජන්ත මෙන්ඩිස් – පූනේ ඩෙවිල්ස්, ළහිරු කුමාර – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්,
චාමර කපුගෙදර – පූනේ ඩෙවිල්ස්, දසුන් ශානක – දිල්ලි බුල්ස්, මහේෂ් තීක්ෂණ – නොදන් වොරියර්ස්, අවිශ්ක ප්‍රනාන්දු – අබුඩාබි කණ්ඩායම, තිසර පෙරේරා – පූනේ ඩෙවිල්ස් (Icon player), ඉසුරු උදාන – බංග්ලා ටයිගර්ස් (Icon player), භානුක රාජපක්ෂ – ඩෙකෑන් ග්ලැඩියේටර්ස්, දුෂ්මන්ත චමීර – දිල්ලි බුල්ස්, නුවන් ප්‍රදීප් – නොදන් වොරියර්ස්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...