තෙවැනි තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(11) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාවට තරගය ජය ගැනීම සදහා කඩුලු 8ක් අතැතිව ලබා ගත යුතු වූ ලකුණු සංඛ්‍යාව 309ක්.(ඉලක්කය 407)

කෙසේ වෙතත්, ඔවුන් දිනය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 334ක් ලබා ගනිමින්.

රිෂාබ් පාන්ට් ලකුණු 97ක් සහ චෙටස්වර් පුජාරා ලකුණු 77ක් ලබා ගත්තා.

හනුමා විහාරි පන්දු 161කින් නොදැවී ලකුණු 23ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 128කින් නොදැවී ලකුණු 39ක් ලබා ගනිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීම සදහා සටන්කාමී ඉනිම් දියත් කළා.

පන්දු යැවීමේ දී නේතන් ලියෝන් සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

සිඩ්නිහී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 338ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ඉන්දියාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 244ක්.

අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 6ක් දැවී ලකුණු 312ක් ලබා සිටියදීයි.

ඒ තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 407ක ඉලක්කයක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...