විනය කැඩූ ඔස්ට්‍රේලියානු නායකයාට දඩ සමග දඩුවම් ලකුණක්

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් නායක ටිම් පේන්ට තරග ගාස්තුවෙන් 15%ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී විනිසුරු තීරණයකට සිය අප්‍රසාදය පල කිරීම හේතුවෙන්.

ඉන්දීය පළමු ඉනිමේ 56 වැනි පන්දුවාරයේ දී චෙටස්වර් පුජාරා නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස පිටියේ විනිසුරු ලබා දුන් තීරණයට එරෙහිව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යටතේ (DRS) අවස්ථාවක් ලබා ගැනීමට ටිම් පේන් කටයුතු කළ නමුත්, තෙවන විනිසුරු විසින් ද පුජාරා දැවී නොගිය පිතිකරුවෙකු ලෙස නම් කළා.

කෙසේ වෙතත්, ඊට ටිම් පේන් සිය නොසතුට පල කරනු දක්නට ලැබුණා.

දඩ මුදලට අමතරව ටිම් පේන්ගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළා.

ඔහු විසින් සිය වරද පිළිගෙන ඇති බවත්, ලබා දුන් දඩුවම ද පිළිගෙන ඇති බවත් සදහන්.

ඒ හේතුවෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...