ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ දෙයි

Date:

පාකිස්තාන පිතිකරු ෂොයිබ් මලික් දරුණු රිය අනතුරකට මුහුණ පා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ ලාහෝර් නුවර දී ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.

ඔහුගේ මෝටර් රථය ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව අද පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට සහභාගී වී යළි සිය නිවස බලා පිටව යන අතරතුර ඔහු මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අනතුරින් ඔහුට බරපතල තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...