දශකයේ ප්‍රවේගකාරී පිතිකරුවන් 10 අතරට වත්මන් ශ්‍රී ලංකා පිතිකරුවෙකුත්

Date:

2010 වසරේ සිට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 2000 කට වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවන් අතරින් ඉහළ පන්දුවට පහරදීමේ වේගයක් (strike rate) පවත්වාගෙන යන ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එකතුවීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සමත්ව තිබෙනවා.

එම ලැයිස්තුවේ 7 වන ස්ථානය දික්වැල්ල විසින් හිමි කර ගෙන සිටින අතර දින කිහිපයකට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ ටෙස්ට් තරගාවලියේදියි ඔහු ටෙස්ට් ලකුණු දෙදහසේ සීමාව සම්පූර්ණ කිරීමට සමත්වුණේ.

මේ වන විට ටෙස්ට් තරග 39 කට සහභාගී වී ඇති නිරෝෂන් දික්වැල්ල ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2023 ක්.

ඊට අර්ධ ශතක 15 ක් ඇතුළත් අතරථ 30.65 ක පිතිකරණ සාමාන්‍යක්ද ඔහු රඳවාගෙන තිබෙනවා.

2010 වසරේ සිට ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 2000ක් රැස් කළ පිතිකරුවන් අතරින් ඉහළම පන්දුවට පහරදීමේ වේගයක් රඳවාගෙන සිටින පිතිකරුවන් දසදෙනා මෙසේයි.

01. විරේන්ද්‍ර ෂෙවාග් (IND ) – 2338 (RUNS) , 87.43 (SR)

02. ඩේවිඩ් වෝනර් (AUS) – 7254 , 72.77 (SR)

03. ක්වෙන්ටන් ඩී කොක් (SA) – 2962 , 71.09 (SR)

04. සර්ෆ්‍රාස් අහමඩ් (PAK) – 2657 , 70.99 (SR)

05. ස්ටුවර්ට් බ්‍රෝඩ් (ENG) – 2531, 67.56 (SR)

06. ශිකර් ධවාන් (IND) – 2315  ,66.95 (SR)

07. නිරෝෂන් දික්වැල්ල ( SL ) – 2023 , 66.67 (SR)

08. බ්‍රෙන්ඩන් මැකලම් (NZ) – 3979 , 66.39 (SR)

09. ශකීබ් අල් හසන් (BAN) – 3147 , 64.40 (SR)

10. මැට් ප්‍රයර් (ENG) – 2709, 60.71 (SR)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...