බුම්රා සහ සිරාජ් වාර්ගික අපයෝජනයට ලක් වූ බවට පැමිණිල්ලක්

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ දිනවල සිඩ්නිහී දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දී සිය ක්‍රීඩකයින් දෙදෙනෙකු ප්‍රේක්ෂකයින් විසින් වාර්ගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා කරමින් ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස වාර්ගික අපයෝජනයට ලක්ව ඇත්තේ තරගයේ දෙවැනි සහ තෙවැනි දිනයේ දී යි.

තෙවැනි දිනය, එනම් අද දිනය අවසානයේ දී නායක අජින්කෙයා රහානේ, රවිචන්ද්‍රන් අශ්වින් ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් පිටියේ විනිසුරුවරුන් දැනුවත් කිරීමට කටයුතු කළ බව සදහන්.

විනිසුරුවරුන්, ආරක්ෂක නිළධාරීන් සහ අදාළ ඉන්දීය ක්‍රීඩකයින් අතර මේ සම්බන්ධයෙන් අද දිනය අවසානයේ දී මිනිත්තු 5ක පමණ කාලයක් සාකච්ඡා සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...