මුම්බාය පළමු ජය ලබයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තා.

නායක රෝහිට් ෂර්මා පන්දු 54 කින් ලකුණු 80ක් රැස් කළේ හයේ පහර 6ක් ද සිය ඉනිමට එක්කරමින්..

සූර්යකුමාර් යාදෙව් ලකුණු 47කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Shivam Mavi කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 146ක් පමණයි.

නායක දිනේෂ් කාර්තික් ලකුණු 30යි.

පැට් කමින්ස් පන්දු 12කින් වේගවත් ලකුණු 33ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට්, ජේම්ස් පැටින්සන්, ජස්ප්‍රිට් බුම්රා සහ රාහුල් චහාර් කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා රෝහිට් ෂර්මා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...