ශ්‍රී ලංකා සංචාරය අභියස බංග්ලාදේශ තවත් ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක අබු ජයිඩ් කොරෝනා වෛරසයට ගොදුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය අරමුණු කර ගනිමින් එරට ක්‍රිකට් ක්‍රීඩකයින් යොමු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයක දී යි මේ බව තහවුරු වී ඇත්තේ.

ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් වන 27 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ මූලික සංචිතයට ද ඔහු නම් කර තිබෙනවා.

ලබන 27 වනදා ඔවුන් ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති නමුත්, නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අර්බුදය නිසා මේ වන විට තරගාවලිය පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි.

මේ අතර, කොරෝනා වෛරසයට ගොදුරු වී සිටි බංග්ලාදේශ ක්‍රීඩක සයිෆ් හසාන් මේ වන විට සුවය ලබා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...