දිමුත්ගේ ශතකය අපතේ යවමින් දකුණු අප්‍රිකාවට 2-0ක තරගාවලි ජයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(5) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවන තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කරමින්.

තරගයේ තෙවන දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 150ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

ඒ, නායක දිමුත් කරුණාරත්නගේ 10 වැනි ටෙස්ට් ශතකයෙන් ශක්තිමත් වෙමින්.

ඔහු ලකුණු 103ක් ලබා ගත් අතර, එම ඉනිමට හතරේ පහර 19ක් ඇතුළත්.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 36කට දැවී ගිය අතර, ළහිරු තිරිමාන්න ලකුණු 31යි.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 4ක් දවා ගත් අතර, ලුතෝ සිපම්ලා කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව දකුණු අප්‍රිකාවට සිය දෙවන ඉනිමේ දී තරගය ජය ගැනීම සදහා හිමි වූ ඉලක්කය ලකුණු 67ක්.

එම ඉක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 36ක් සහ ඩීන් එල්ගර් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ජොහැනස්බර්ග්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 157ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව ලකුණු 302ක් රැස් කළා.

තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ඩීන් එල්ගර්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...