21 දෙනෙකුගෙන් යුත් දඹුල්ල සංචිතය නිල වශයෙන් නිවේදනය කෙරේ

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරග වදින දඹුල්ල වයිකින්ග් සංචිතය අද (23) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා මෙතෙක් නායකයෙකු නම් කර නැහැ.

හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඔවයිස් ශාහ් පුහුණුකරු ලෙස කටයුතු කරන දඹුල්ල කණ්ඩායමේ නායක්තවය භාර ගැනීම සදහා ඉදිරියෙන්ම පසුවන්නේ දසුන් ශානක, උපුල් තරංග හෝ අයර්ලන්තයේ පෝල් ස්ටිර්ලින්ග් (Paul Stirling).

සංචිතය සදහා නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත වැනි ජාතික කණ්ඩායම නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් ද තෝරා ගෙන තිබෙනවා.

ඇෆ්ඝනිස්තානයේ අෆ්ටබ් අලාම් (Aftab Alam) සහ එස්. ශින්වාරි මෙන්ම පාකිස්තානයේ අන්වර් අලී, ඉන්දියාවේ සුදීප් ත්‍යාගි (Sudeep Tyagi) සහ එංගලන්තයේ සමිත් පටෙල් ද විදෙස් ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත්.

යොවුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෙස තරගාවලිය සදහා දඹුල්ල කණ්ඩායම නියෝජනය කරමින් එක්වන්නේ අශේන් බණ්ඩාර, කවිදු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, සචිදු කොළඹගේ, ඩිල්ෂාන් මදුෂංක සහ පුලින තරංග යන ක්‍රීඩකයින්.

ඕෂද ප්‍රනාන්දු, ළහිරු මදුෂංක, ඇන්ජෙලෝ පෙරේරා, මාලිංද පුෂ්පකුමාර ද දඹුල්ල සංචිතයට තෝරා ගෙන තිබෙනවා.

දඹුල්ල වයිකින්ග් කණ්ඩායම මෙවර තරග වාරය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය ලබන 28 වනදා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

දඹුල්ල සංචිතය – ( දේශීය ක්‍රීඩකයින් 15, විදෙස් 6 )

දසුන් ශානක, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, කසුන් රාජිත, ඕෂද ප්‍රනාන්දු, ළහිරු මදුෂංක, ඇන්ජෙලෝ පෙරේරා, මාලිංද පුෂ්පකුමාර, අශේන් බණ්ඩාර, කවිදු නදීෂාන්, රමේෂ් මෙන්ඩිස්, සචිදු කොළඹගේ, ඩිල්ෂාන් මදුෂංක, පුලින තරංග, පෝල් ස්ටිර්ලින්ග්, අෆ්ටබ් අලාම්, එස්. ශින්වාරි, අන්වර් අලී, සුදීප් ත්‍යාගි, සමිත් පටෙල්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...