අෆ්රිඩිට කොළඹ ගුවන් යානය මග හැරෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීම සදහා අද(23) දිනයේ මෙරටට පැමිණිමට නියමිතව සිටි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩිට දිවයිනට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ඒ, අද උදෑසන ඔහුට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමනට එක්වීමට නොහැකි වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ශහිඩ් අෆ්රිඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ කඩිනමින් ශ්‍රී ලංකාව වෙත පැමණිමට කටයුතු කරන බවයි.

වාර්තා වන ආකාරයට ඔහු හෙට(24) දිනයේ දී මෙරටට ළගා වන අතර, අනතුරුව නිරෝධායන කාලසීමාවක් ද ගත් කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් අෆ්රිඩිට ගාලු කණ්ඩායම මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරග කිහිපය අහිමි වනු ඇති.

ඒ අනුව උප නායක භානුක රාජපක්ෂ එම තරගවලදී කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...