2025 ශූරයින්ගේ කුසලානයෙන් ඉන්දියාව ඉවත් වෙයිද? ක්‍රීඩා ඇමති කරුණු පහදයි

Date:

2024 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන්හි සත්කාරක රටවල් පසුගියදා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළ බව අප ඔබට මීට පෙර වාර්තා කළා.

එහිදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ වැඩි අවධානයක් 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් යොමු වුණේ එම තරගාවලියේ සම සත්කාරකත්වය ඉන්දියාව සමගින් ශ්‍රී ලංකාවට හිමි වීම හේතුවෙන්.

කෙසේ වෙතත්, ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය හිමිව ඇත්තේ 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිිය සදහායි.

ඒ, අදාළ තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබීම හේතුවෙන්.

අයි.සී.සී තරගාවලික සත්කාරකත්වය දැරීමට මෙලෙස පාකිස්තානය මේ වන විට සූදානමින් සිටින්නේ 1996 වසරෙන් පසුවයි.

2009 වසරේ දී පාකිස්තානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වසර ගණනාවක් යන තුරු එරට තුළ ජාත්‍යන්තර තරග පැවැත්වීමට නොහැකි වූ අතර, පසුගිය වසර කිහිපයේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් එරට තරග සංචාරවල නිරත වුණා.

කෙසේ වෙතත්, මීට සති කිහිපයකට පෙර ආරක්ෂක හේතූන් මත නවසීලන්තය විසින් පාකිස්තාන තරග සංචාරයක් අවලංගු කළ අතර, අනතුරුව එංගලන්තය ද සිය පාකිස්තාන තරග සංචාරය අවලංගු කිරීමට තීරණය කළා.

එවැනි පසුබිමක් යටතේ මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට එරටට පැමිණෙනු ඇත්ද යන්න සම්බන්ධවයි.

ඉන්දු – පාකිස්තාන දේශපාලන අර්බුදය හේතුවෙන් දෙරට අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි ද වසර ගණනාවක සිට නොපැවැත්වෙන අතර, දෙරට අතර ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වෙන්නේ අයි.සී.සී තරගාවලියන්හී දී පමණයි.

2025 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා ඉන්දියාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩා ඇමති අනුරාග් තාකූර් අදහස් පල කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ එම තීරණය ගැනීම සදහා ස්වදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වනු ඇති බවයි.

එමෙන්ම දැඩි තක්සේරු කිරීමකින් අනතුරුව ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කරන්නේ ද යන්න පිළිබද තීරණය කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

නියමිත කාලය පැමිණි විට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව ද ඔහුගේ අදහසයි.

“ආරක්ෂක හේතූන් නිසා ගොඩක් රටවල් පාකිස්තානයේ සංචාරය කිරීමෙන් ඉවත් වී තිබෙනවා. ආරක්ෂාව තක්සේරු කර තීරණයක් ගන්නවා”

යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...