2025 කාන්තා ලෝක කුසලානයේ ත්‍යාග මුදල් 297% කින් ඉහළට

Date:

ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා පිරිනමන ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පිරිනමන සමස්ත ත්‍යාග මුදල 297% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

මෙවර ත්‍යාග මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 13.88 ක මුදලක්, එනම් රුපියල් කෝටි 418 ක් වෙන් කර තිබෙනවා.

පසුගිය 2022 ලෝක කුසලානයට වෙන් කර තිබුණේ ඩොලර් මිලියන 3.5 ක (රුපියල් කෝටි 105) මුදලක් පමණයි. 2023 පිරිමි එක්දින ලෝක කුසලානයට ද සමස්ත ත්‍යාග මුදල් ලෙස ඩොලර් මිලියන 10 ක් පමණක් ලබා දුන් පසුබිමකයි මෙවැනි මුදල් ප්‍රමාණයක් කාන්තා ලෝක කුසලානය වෙනුවෙන් මෙවර වෙන් කර ඇත්තේ.

කාන්තා ලෝක කුසලානයේ ජයග්‍රාහකයින් සදහා මෙවර පිරිනැමීමට නියමිත ත්‍යාග මුදල ඩොලර් මිලියන 4.48 ක්. ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 134 ක්. එය පසුගිව වරට සාපේක්ෂව 239 % ක ඉහළ නැංවීමක් වනවා. අනූශූරයින්ට ඩොලර් මිලියන 2.24 ක් මෙවර තරගාවලියේදී හිමි වීමට නියමිතයි. එය 273% ක ඉහළ නැංවීමක්.

තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...