ෆැල්කන්ස් පෙරමුණ තහවුරු කර ගනිද්දී ස්ටාර්ස් අවසන් වටයට

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල ඕරා කණ්ඩායම පරදා ලකුණු 39 ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තරග අවසන් කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අද(18) සමත් වුණා.

දඹුල්ල ලැබූ මෙම පරාජයත් සමග තරගාවලියේ අවසන් වටයේ (playoffs) ස්ථානයක් තහවුරු කර ගැනීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් වීම ද විශේෂත්වයක්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ෆැල්කන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් රැස් කරමින්.

අශේන් බණ්ඩාර ලකුණු 37 ක් හා කවීන් බණ්ඩාර ලකුණු 27 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී කලන පෙරේරා, දිලුම් සුධීර හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 121 ක් පමණයි.

සිකන්ඩා රාසා ලකුණු 45 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ඔෂේන් තෝමස් කඩුලු 3 ක් දවා ගත්තා.

ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් පිල මූලික වටය අවසන් කළේ ක්‍රීඩා කළ තරග 8 න් තරග 7 ක් ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...