ෆෆ් ඩු ප්ලෙසිස් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට

Date:

දකුණු අප්‍රිකානු හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙශාවර් සල්මි කණ්ඩායම සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, තරගාවලියට මීට පෙර එක් වූ විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම විවිධ හේතූන් මත ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරනු ඇති.

මේ අතර, ටමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලාට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දීමට සූදානම් බව ද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...