හතුරුසිංහට වඩා හොද පුහුණුකරුවෙක් අවශ්‍යයි : BCB සභාපති

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා තවදුරටත් කටයුතු නොකළ යුතු බව එරට ක්‍රිකට් ආයතනයේ නව සභාපති Faruque Ahmed යළි අවධාරණය කරනවා.

ඒ, සභාපතිධූරය භාර ගැනීමට පෙර ද ඔහු ඒ බව මෙම සතිය මුලදී ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව තමා මෙතෙක් අධ්‍යනය කර නොමැති නමුත්, තමා ඔහු සම්බන්ධයෙන් මීට පෙර දැරූ මතය වෙනස් නොවන බවයි ඩකා හී දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ.

හතුරුසිංහට වඩා හොද පුහුණුකරුවෙකු සොයා ගැනීමට හැකිදැයි අවධානය යොමු කරන බව ඔහු පෙන්වා දුන්නා.

චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම 2025 වසරේ පෙබරවාරි මාසය දක්වා වලංගුව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...