සෞඛ්‍ය ගැටලු හමුවේ එංගලන්තයේ පුහුණුවීම් තවත් කල් යයි

Date:

වේග පන්දු යවන්නන් මූලික කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කළ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතු තවදුරටත් කල් යනු ඇති බව වාර්තා වනවා.

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගෙන ඇති බවයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානම අවම කිරීම සදහා ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව සදහන්.

පුද්ගලික ආරක්ෂක උපකරණවල හිගකම මෙන්ම ක්‍රීඩකයින්ට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීමේ ප්‍රමාදය ද මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉදිරි දිනකදී පුහුණු වීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇති බවටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය විශ්වාසය පල කරන්නේ.

ALSO READ : එංගලන්තය ලබන සතියේ සිට වැඩ අරඹයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...